විදෙස්

ලබන වසර තෙක් කොරෝනා වසංගතය පවතීවි – WHO

(UTV | කොළඹ) – කොරෝනා වසංගත තත්ත්වය 2022 වසර තෙක් පවතිනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, තවමත් දිළිදු රටවල් බහුතරයක් වෙත කොරෝනා එන්නත් ලැබී නොතිබීම හේතුවෙන්, වසංගත තත්ත්වය තවත් වර්ෂයකට ආසන්න කාලයක් පවතිනු ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනෙකුත් මහද්වීප හා සසඳන විට අප්‍රිකානු ජනගහණයෙන් 5% ටත් වඩා අඩු ප්‍රතිශතයකට පමණක් කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවයි.

බ්‍රිතාන්‍ය, අවශ්‍යතාව සහිත රටවල් වෙත කොරෝනා එන්නත් මිලියන දහයකට වැඩි ප්‍රමාණයක් යවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

බ්‍රසීලයේ කොරෝනා මරණ 20,000 ඉක්මවයි

Mohamed Dilsad

ට්‍රම්ප් ගේ තීරු බදු ප්‍රතිපත්තිය නීතිවිරෝධී බව, එරට අභියාචනාධිකරණය තීරණය කරයි

Editor O

මියන්මාරයත් කොරෝනා වෛරසයට ගොඳුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment