දේශීය

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.

නිව්යෝක් නුවරදී සමුළුව ඊයේ ආරම්භ වුයේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙනි.

හෙට පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වැනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්වීමට නියමිතව ඇත.

මෙවර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ තේමාව, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම.. යන්නයි.

Related posts

තද වැසි සමඟ නාය යෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

යළිත් කහකුඩු හිඟයක්

Mohamed Dilsad

මේ සතියේ පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment