දේශීය

ගුරු විදුහල්පති සංගම් කාටවත් බලපෑම් කරලා නෑ – ජෝෂප් ස්ටාර්ලිං

(UTV | කොළඹ) – කිසිම ගුරුවරයකුට මේ වන තෙක් ගුරු විදුහල්පති සංගම් බලපෑම් කරලා නැහැ. ඔය කියන කතාව පට්ටපල් බොරුවක් යැයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා ඊයේ (19දා) පැවැසීය.

එලෙස බලපෑම් තර්ජන එල්ලවූ ගුරුවරුන් කවුදැයි පවසන ලෙසද හෙතෙම ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා මෙසේද කියා සිටියේය.

ඔය සංගමය තනිකරම කරන්නේ ආණ්ඩුවට කඬේ යන එක විතරයි. ගුරුවරුන්ට බලපෑම් තර්ජනය කළා කියලා මේ සංගමය සරත් වීරසේකර ඇමැතිවරයාට පැමිණිලි කරලා තියෙනවා. ඇමැතිවරයා මේක දේශපාලන ව්‍යාපාරයක් කරගෙන පොලිසිය හරහා ගුරු විදුහල්පති සංගම්වලට බලපෑම් කරනවා.

මේ ගැටලූවලට විසඳුම් නොදී ආණ්ඩුව පොලිසිය ලවා ගුරු විදුහල්පති සංගම් මර්දනය කරන්න හදනවානම් ඉදිරියේදී මීට වඩා වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන්න සිදුවේවි.

අපි දරුවන්ගෙන් පළිගන්නවා නෙවෙයි. අපේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොදී කල්මරන්නේ ආණ්ඩුව. ඒ නිසා දරුවන්ට වෙලා තියෙන මේ අසාධාරණයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන මේ ආණ්ඩුව. දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත් වෙලා අදට (20දා) දින 69 ක්.

Related posts

නිරෝධායනය අවසන් කළ 217 ක් අද සිය නිවෙස් වෙත

Mohamed Dilsad

GST පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

Mohamed Dilsad

පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Editor O

Leave a Comment