දේශීය

ආහාර අර්බුදය ඒකාධිකාරී වෙළඳුන් නිර්මාණය කරන ලද්දක්

(UTV | කොළඹ) – වත්මනයේ රට මුහුණ දෙන ආහාර අර්බුදය හේතුවෙන් සහල්, සීනි වැනි අත්‍යවශ්‍ය ආහාර වල ඒකාධිකාරයට එරෙහි විය යුතු බව අවධාරණය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි නීතිය පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ නීති ක්‍රියාවට නංවමින් වෙළඳුන් විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳ ඒකාධිකාරීත්වයට රාජ්‍ය මැදිහත්වීමකින් ලබා දෙනු ලබන විසඳුමක් ලෙස, සඟවන ලද සියලුම අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍යයන් අත්අඩංගුවට ගනිමින් රාජසන්තක කිරීමට ජනාධිපතිතුමා රාජ්‍ය නිලධාරින්ට අවශ්‍ය බලතල ලබා දීමටයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ එම චෝදනා හුදෙක් අසත්‍ය බවත්ය.

පසුගිය සති දෙක තුළ කිරිපිටි, සීනි වැනි අත්‍යාවශ්‍ය ආහාර පිසීමේ ගෑස් වැනි මූලික භාණ්ඩ හිඟයක් රට තුළ දක්නට ලැබුණු බව පෙන්වා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර තහවුරු කළේ ඒකාධිකාරී වෙළෙන්දන් විසින් මෙම අත්‍යාවශ්‍ය අහාර අර්බුදය නිර්මාණය කර තිබෙන බවකි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

Related posts

56 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

Mohamed Dilsad

කොවිඩ් මරණ 5 ක් – දෙදෙනෙක් බත්තරමුල්ලේ පදිංචිකරුවන්

Mohamed Dilsad

Leave a Comment