Trending News

තොරතුරු සොරකම් කිරීමට සමත් ස්මාර්ට් ෆෝන් මෘදුකාංගය

“එන් එස් ඕ සමූහය” නම් ඊශ්‍රායල සමාගමක් විසින් අලෙවිකළ මෘදුකාංගයක් ඔස්සේ මාධ්‍ය ආයතන සහ විවිධ පුද්ගලයින්ගේ තොරතුරු සොරකම්කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඔස්සේ, ද ගාර්ඩියන්, වොෂිංටන් පෝස්ට්, සහ වෙනත් මාධ්‍ය ආයතන 15ක තොරතුරු සහ දේශපාලනඥයින්, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කර ඇතිබව සඳහන් වේ.

එම මෘදුකාංගය පෙගාසස් නමින් හැඳින්වේ.

ද වොෂිංටන් පොස්ට් හි පළවූ ලිපියක දැක්වෙන්නේ අදාළ සමාගම සතුව දුරකථන අංක 50,000ක් පමණ ඇති බවට විශ්වාස කෙරෙන බවත් එම තොරතුරු 2016 සිට රැස්කර ඇති බවත් ය.

රාජ්‍ය නායකයින්, අගමැතිවරුන්, අරාබි පාලකයින් සහ ධනවතුන්ගේ තොරතුරු ඒ අනුව සොරකම් කර ඇතිබවට සඳහන් වේ.

ඊශ්‍රායෙල් සමාගම මගින් නිර්මාණය කර ඇති “පෙගාසස්” මෘදුකාංගය ඔත්තු සොයන මෙවලමක් වැනිය. එමගින් ස්මාර්ට් දුරකථනයේ ඇති සියලු තොරතුරු සොරකම් කරයි.

කෙටි පණිවුඩ, විද්‍යුත් ලිපි, ෆේස්බුක්, ස්කයිප්, වට්ස්ඇප්, වයිබර්, වීචැට් සහ ටෙලිග්‍රෑම් වැනි මෙවලම් හරහා හුවමාරු වූ සියලු පණිවුඩවලට අදාළ දත්ත ද ලබාගැනීමට එම මෘදුකාංගය ට හැකි බව හඳුනාගෙන තිබේ.

Related posts

மகனை நிர்வாணப்படுத்தி சித்திரவதை செய்த தாய்…

Mohamed Dilsad

Upul Jayasuriya resigns as BOI Chairman

Mohamed Dilsad

வெளிநாட்டில் உள்ள 810 இலங்கையர்களுக்கு இரட்டை பிரஜாவுரிமை

Mohamed Dilsad

Leave a Comment