දේශීය

පළාත් අතර සංචරණ සීමා තවදුරටත්

(UTV | කොළඹ) – හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා අණ පනත් යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබෙනවා.

මෙම නව විධි විධාන අනුව පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති.

ඉන් අනතුරුව සමාලෝචනයකින් පසුව පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පවතින සංචරණ සීමා යම් යම් ලිහිල් කිරීම් යටතේ ජුලි මස 19 වනදා දක්වා බලපැවැත්වෙන අතර බස්නාහිර පළාත තුල දැඩිව පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා විශේෂ තත්වයන් යටතේ සීමාවන් කිහිපයක් ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

Related posts

අක්ෂි රෝහලේ ගැටලු සහගත නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

Mohamed Dilsad

හිටපු ජනපති හා අගමැතිට විරෝධතා ගොනුකිරීම මාර්තු 6 දක්වා

Mohamed Dilsad

තැපැල් ඡන්දයේ සිව්වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment