දේශීයව්‍යාපාරික

ලබන මස සිට සහන මිලට පොල් තෙල්

(UTV | කොළඹ) – වස විසෙන් තොර ගුණාත්මක භාවයෙන් ඉහල පොල් තෙල් මෙරටදීම නිපදවා ලබන මස අවසන් වීමට පෙර ජනතාවට සහන මිලට ලබා ගැනීම සදහා වෙලෙදපොලට නිකුත් කරන බව ඇමති විමල් වීරවංශ මහතා කියයි.

කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති බී සී සී ලංකා සමාගමේ මැදිහත් වීමෙන් මෙම කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.

එහි ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුනි, දේශිය පොල් තෙල් නිෂ්පාදකයන් මුහුණදී සිටින අමුද්‍රව්‍ය හිගයටද පිළියම් යෙදේ, ඒ අනුව උසස් කැබළි පොල් ආනයනය කර නිසි ක්‍රමවේදයකට නිෂ්පාදකයන්ට බෙදාදීමට නියමිතයි, දැනට වෙලෙදපොලේ පවතින මිලගණන්වලට වඩා ඉතා අඩු මිලකට මෙම පොල් තෙල් බෙදා හැරිය හැකි බව ඒ සදහා එක්ව සිටින දේශීය පොල් තෙල් නිෂ්පාදකයෝ පැවසුහ, පිළිකාකාරක නොමැති තත්ව පරීක්ෂාවෙන් ඉතා උසස් පොල් තෙල් මෙහිදී පාරිභෝගිකයාට ලබා දෙනු ඇත.

Related posts

ජනපති ජනතා ගැටළු සොයන්න ගමට යයි

Mohamed Dilsad

“ගෝඨාගෝහෝම්” අරගලයට සහය පළ කිරීමට මාධ්‍යටත් වගකීමක් තියෙනවා”

Mohamed Dilsad

වැලිකඩ පොලීසියේදී රාජකුමාරි ට සිදුවූ දේ පිළිබඳ සාක්ෂියක්

Mohamed Dilsad

Leave a Comment