විදෙස්

එංගලන්තයේ ලොක් ඩවුන් නීති 19 දක්වා ලිහිල් නොකිරීමේ තීරණයක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීමට වසා දැමුණු එංගලන්තයේ පනවා ඇති නීති ලබන මස 19 වන දින තෙක් ලිහිල් නොකරන බව එරට රජය නිවේදනය කරනවා.

දැනට පනවා ඇති නීති මෙම මස 21 වන දින සිට ඉවත් කිරීමට එංගලන්ත රජය තීරණය කර තිබුණා. කෙසේ වුව ද කොරෝනා වෛරස 3 වන රැල්ලක් පිළිබද එරට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු ඇගවීමත් සමගම එම නීති ලිහිල් කිරීම තවත් මසකින් දික් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. කෙසේ වුව ද මංගල උත්සවවලට සහභාගි වීම සදහා පනවා තිබූ සීමා ඉවත් කර තිබෙනවා. ඉදිරි සති දෙක ඇතුළත ලැබෙන ප්‍රතිඵල අනුව ලබන මස 19 වන දින රට සම්පූර්ණයෙන් විවෘත කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කරයි.

Related posts

කැනඩාවේ වාර්තාගත උෂ්ණත්වයකට 130 දෙනෙකු මරුට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්

Editor O

පාකිස්ථාන ලුතිනන් ජෙනරල් අසිම් මුනීර් සිය ධුරයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment