දේශීය

අද සියලු සතොස ශාඛා විවෘතයි

(UTV | කොළඹ) – අද (03) දිනයේදී සියලු සතොස ශාඛා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.  

සතොස අලෙවිසැල් ජාලය, ආරක්ෂක අංශ ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළින් මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ලබා දීමේ ක්‍රමවේදයක් මේ වන විට ද ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කිසිදු බාධාවකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් නිවෙස් වලටම ලබා දීමට කටයුතු කරන බවත් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේය.

 

Related posts

මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරුවරු පිරිසකට ස්ථාන මාරු

Editor O

විශ්‍රාම වැටුප්ලාභීන්ට පණිවුඩයක්

Mohamed Dilsad

හිටපු ඇමති ප්‍රසන්න ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමට දින නියම කරයි.

Editor O

Leave a Comment