දේශීයව්‍යාපාරික

දිසිඳි පොල් ආනයනය කිරීමේ දී විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්

(UTV | කොළඹ) – මෙරටට දිසිඳි (කැබලි කරන ලද ) පොල් ආනයනය කිරීමේ දී විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.   

ඒ් අනුව දිසිඳි පොල් ආනයනයේ දී කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 300ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇත.

කෙසේ වෙතත් කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත දිසිඳි පොල් මාසයකට උපරිම වශයෙන් මෙට්‍රික් ටොන් 13,000 රජයට අයත් BCC ලංකා ලිමිටඩ් ආයතනය වෙත ආනයනය කිරීමට විශේෂ බදු සහනයක් සලසා ඇත්තේ ඒ් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියලක් ලෙසින් නියම කරමින්.

මෙම විශේෂ බදු සහනය 2021 අප්‍රේල් 28 දින සිට මාස 03ක කාලයක් දක්වා වලංගු වන බව අදාළ නියෝගයේ සඳහන්.

Related posts

පන්නිල ගම්මානයම සිය කැමැත්තෙන් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණ කරට කර සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Mohamed Dilsad

ලංගම මුල්‍ය අවදානමක

Mohamed Dilsad

Leave a Comment