ක්‍රීඩා

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනපතා කොවිඩ් පරීක්ෂණවලට

(UTV | ටෝකියෝ) – ලබන ජූලි මාසයේදී පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනපතා කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන ඇත.   

එමෙන්ම ආහාර ගැනීම , නිදා ගැනීම , පුහුණුවීම් හා තරඟ වැදීම් හැර අනෙකුත් සැම අවස්ථාවකදීම ඔවුන් අනිවාර්යයෙයන් මුව ආවරණ භාවිත කල යුතුවෙයි.

සෞඛ්‍ය තත්ත්වය හා සංචරණය පිළිබඳ දත්ත එක්රැස් කෙරෙන ජංගම දුරකථන යෙදවුමක් සහිත දුරකතනයක් තරගාවලිය සඳහා ජපානයෙන් බැහැර රටවල සිට පැමිණෙන සෑම අයෙකුටම ලබාදීමටද ඔලිම්පික් තරග සංවිධායකයන් සැළසුම් කර තිබේ.

කිසිදු ජාත්‍යන්තර නරඹන්නෙකුට මෙවර තරගාවලිය විවෘත නොවන අතර දේශීය නරඹන්නන්ට අවසර දීම සම්බන්ධයෙන් සොයා බැලෙමින් පවතියි.

Related posts

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට කෘතිම ධාවන පථයක්

Mohamed Dilsad

හදිස්සියේ අප්‍රිකා ගිය ටැබ්රේස් ෂම්සි පෙරලා එයි

Mohamed Dilsad

හෘදයාබාධයකින් 21 හැවිරිදි පාපන්දු ක්‍රීඩකයා මරුට

Mohamed Dilsad

Leave a Comment