දේශීය

රිෂාඩ්ගේ අත්අඩංගුවට ගැනීම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය හෙළා දකී

(UTV | කොළඹ) – අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) විසින් දැඩිව හෙළා දැක ඇත.    

එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ මේ සම්බන්ධයෙන් හෙට (27) දිනයේ දී සාකච්ඡාවක් සිදුකිරීමට ද නියමිතව තිබේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා පසුගිය සෙනසුරාදා (24) අලුයම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනා මත ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ගේ නිවෙස්වල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසිය විසින් ප්‍රශ්න කර ඇති අතර පැය 72 ක් රඳවා තබා ගැනීමට අවසර ලබා දී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන විශේෂ මාධ්‍ය සාකච්ඡාව

Mohamed Dilsad

ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

වික්ටෝරියා නූලන්ඩ් දිවයින ට

Mohamed Dilsad

Leave a Comment