ක්‍රීඩා

විරාට් කෝලිට IPL බළධාරීන්ගෙන් දඩයක්

(UTV | ඉන්දියාව) – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නායක විරාට් කෝලිට IPL බළධාරීන් විසින් දඩ පනවා තිබේ.   

ඒ, මෙවර තරග වාරය යටතේ ඊයේ (25) පැවැති තරගාවලියේ 19 වන තරගයේ දී ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව නියමිත කාලය තුළ පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන්.

මෙවර තරග වාරයේ දී RCB කණ්ඩායම විසින් මෙම වරද සිදු කළ පළමු අවස්ථාව මෙය වන බැවින් කෝලිට එරෙහිව ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ පැනවීමක් සිදු කළ බව IPL සංවිධායකයින් නිවේදනය කරයි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 31 ක පමණ අගයක් වෙයි.

 

Related posts

අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ නවසීලන්තයට

Mohamed Dilsad

ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

T20 ලෝක කුසලාන තරගයට සිංහයන් දිවයිනෙන් පිටත්ව යයි

Mohamed Dilsad

Leave a Comment