ක්‍රීඩා

අශ්වින් IPL හැර යයි

(UTV | ඉන්දියාව) – තමා මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කළ බව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ආර්. අශ්වින් පවසයි.   

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග ඊයේ(25) රාත්‍රියේ පැවැති තරගයෙන් අනතුරුවයි ඔහු ඒ බව නිවේනයක් මගින් දැනුම් දුන්නේය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිය පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමේ අවශ්‍යතාවය මත තමන් මෙම තීරණය ගත් බව අශ්වින් සඳහන් කරයි.

මෙම අර්බුදය පහව ගොස් තත්ත්වය සාමාන්‍ය අතට පත්වන බවට දක්නට ලැබුණොහොත් තමා යළි IPL තරගාවලිය සමග එක්වීමට සූදානම් බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අශ්වින් අවධාරණය කළේ.

Related posts

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්..

Mohamed Dilsad

ඩක්වර්ත්- ලුවිස් න්‍යායේ නිර්මාතෘ ටෝනි ලුවිස් මිය යයි

Mohamed Dilsad

SLC T-20 තරගාවලියේ පෙරමුණට ආ කොළඹ කණ්ඩායම

Mohamed Dilsad

Leave a Comment