ක්‍රීඩා

හදිසි ශල්‍යකර්මයකට මුහුණ දුන් මුරලිගේ සෞඛ්‍ය යහපත් අතට

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි රෝහලකට හදිසියේ ඇතුලත් කෙරුණු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා එම රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.   

මුරලිදරන් හදිසි ශල්‍යකර්මයක් සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කළේය.

මුරලිදරන් එහිදී හෘදයේ නාලිකාවක අවහිරතාවක් සම්බන්ධයෙන් ශල්‍යකර්මයකට ලක්කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් හොඳම මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිදාබාද් කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී මුරලිදරන් මෙසේ හදිසියේ රෝහල් ගත කළේය.

මුරලි නැවතත් අයි.පී.එල්. තරඟාවළිය සමග එක්වීමට නියමිතය.

 

Related posts

ඉන්දු – ශ්‍රී ලංකා සියලු තරඟ එකම ක්‍රීඩාංගණයකදී

Mohamed Dilsad

කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

පාකිස්ථාන – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

Mohamed Dilsad

Leave a Comment