විදෙස්

තමිල්නාඩු ප්‍රාන්තයට හෙට සිට රාත්‍රී ඇඳිරි නීතිය

(UTV | ඉන්දියාව) – කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව නැවතත් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග හෙට සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.   

එමෙන්ම සෑම ඉරිදා දිනයකම පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැණවීමට බළධාරීන් නියම කර ඇත.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වූ මුලු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි 50 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

එරට මුලු කොවිඩ් මරණ ගණන පවතින්නේ එක් ලක්ෂ 78 දහස් 793 ක් ලෙසයි.

Related posts

ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් යළි දැඩි වෙයි

Mohamed Dilsad

‘බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථකයි’ උතුරු කොරියාව කියයි.

Mohamed Dilsad

‘මිනිසුන්ට තර්ජනයක් විය හැකි’ අලුත්ම කොරෝනා වෛරසයක්

Mohamed Dilsad

Leave a Comment