ගොසිප්

තහනම් සංවිධානවල නායකයන් අල්ලන්න විශේෂ වැඩපිළිවෙළක්

(UTV | කොළඹ) – තහනම් කළ අන්තවාදී සංවිධාන එකොළහකට අයත් නායකයන් ඇතුළු ක්‍රියාකාරි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා අතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් පැවසීය.

මේ අනුව මෙම ඉස්ලාම් සංවිධාන තහනමත් සමග ඒවායේ සාමාජිකයන් රටින් පැනයාම වළක්වාලීම සඳහා පෙරේදා (14) සිට ආරක්ෂක විධිවිධාන තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇත.

මේ අනුව මුහුදු මාර්ගයෙන් වෙනත් රටවලට පැනයාම වැළැක්වීම සඳහා නාවික හමුදාවටද ආරක්ෂාව තර කිරීමට නියෝග කර තිබේ. මීට අමතරව රටේ අභ්‍යන්තර ආරක්ෂාව තරකර බුද්ධි අංශ මෙහෙයුම්ද ව්‍යාප්ත කර ඇත.

තහනම් කළ සංවිධානවල අභ්‍යන්තරයේ සිටින පුද්ගලයන් ඇතුළු ප්‍රධාන චරිත දැනටමත් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එක්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය.

එමෙන්ම එම මෙහෙයුම්වලට සමගාමීව රටින් පැනයාමට තැත්කරන පුද්ගලයන් හඳුනා ගැනීමට ගුවන් තොටුපළේ බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ව්‍යාජ ගුවන් බලපත්‍ර සකස් කර රටින් පැනීමට යන පුද්ගලයන් හඳුනා ගැනීමේ විශේෂ ක්‍රමවේද පවා ඊයේ (15 වැනිදා) වන විටත් ක්‍රියාත්මක කර තිබේ. අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හෝ පුනරුත්ථාපනයට යොමු කිරීම ඔවුන්ට නැඟෙන චෝදනා අනුව සිදුවේ.

වව්නියාව, පුන්තෝට්ටම්හි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් ඇතුළුව අන්තවාදී මත දරන්නන් පුනරුත්ථාපනය සඳහා වෙනමම පුනරුත්ථාපන මධ්‍යස්තානයක්ද දැනටමත් සූදානම් කර ඇත.

තහනම් කළ සංවිධාන එකොළහකට අයත් බැංකු ගිණුම් හා දේපළ තහනම් කිරීමට ද මේ වන විට පියවර ගෙන තිබේ. සංවිධාන එකොළහ තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අප්‍රේල් 13 වැනිදා ජනපති ගෝඨාභය රාජපක්ෂ අත්සන් කර ඇත.

Related posts

“තමන් සහ තම බිරිඳ සම්පූර්ණයෙන් නිර්දෝෂී” : තිරු නඩේෂන්ගෙන් ජනපතිට ලියුමක්

Mohamed Dilsad

ඉදිරි උත්සව සමයේ සංචරණයට සීමා දමයිද?

Mohamed Dilsad

ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ආයතන කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment