විදෙස්

ඇෆ්ඝනිස්ථානයෙන් සෙබලුන් ඉවත් කර ගනී

(UTV | එක්සත් ජනපදය) – ලබන සැප්තැම්බර් මාසය වනවිට ඇෆ්ඝනිස්ථානයෙන් ඉතුරු සෙබලුන් සංඛ්‍යාවද ඉවත් කරගන්නා බවට අගමැති ස්කොට් මොරිසන් තහවුරු කර තිබෙනවා.

අමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින්ද එම වකවානුවේ ඇෆ්ඝන් මෙහෙයුම්වලින් ඉවත් වන බවයි මේ වනවිටත් ප්‍රකාශ කර ඇත්තේ.

2020 වසරේදී ප්‍රකාශයට පත්කල ආරක්ෂක මූලෝපායන් සැළැස්මට අනුව මෙම ඉවත් කරගැනීම සිදුවන බව
ඔස්ට්‍රේලියාව අගමැතිවරයා කියාසිටියා.

ඔස්ට්‍රේලියාව – ඇමරිකාව ප්‍රමුඛ භට කණ්ඩායම් ඇෆ්ඝනිස්ථානය තුළ මෙහෙයුම් ආරම්භ කලේ 2001 වසරේදීයි.

ඒ තලේබාන් සංවිධානයට එරෙහිවයි. මේ අනුව 20 වසරක් පැවති මෙහෙයුම් නිමාවකට පත්වනවා.
කෙසේවෙතත් දැනට ඇෆ්ඝනිස්ථානය තුළ සිටින්නේ ඔස්ට්‍රේලියාව සෙබලුන් 80 දෙනෙකු පමණයි.

Related posts

කෝබි බ්‍රයන්ගේ අනතුර පිළිබඳ විශේෂ විමර්ශනයක්

Mohamed Dilsad

ඉන්දියාවේ හෝටලයක ගින්නක්-17ක් මරුට

Mohamed Dilsad

ට්‍රම්ප් කොරෝනා මර්දන බලකාය අහෝසි කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment