ක්‍රීඩා

‘අපිට ඉන්නවා තරග දිනවන ක්‍රීඩකයින් රැසක්’ සංගා රාජස්ථාන් ගැන කියයි

(UTV | කොළඹ) – තම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවශ්‍ය ක්‍රමවේදය වන්නේ තරමක් නිදහස් සහ සැහැල්ලු ක්‍රිකට් ක්‍රීඩාවක් බව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර පවසයි.   

මෙවර IPL තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගක්කාර ඒ බව සදහන් කළේය.

2021 තරග වාරය යටතේ රාජස්ථාන් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අද (12) පැවැත්වෙන්නේ පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගයේ දී රාජස්ථාන් කණ්ඩායම සංජු සැම්සන් විසින් මෙහෙයවන අතර, ඔහු අයි.පී.එල් තරගයක නායකත්වය දරන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

තරඟය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගක්කාර කියා සිටියේ ,

” අපිට ක්‍රීඩා කිරීමට අවශ්‍ය සන්නාමය තමයි සැහැල්ලු සහ තරමක් නිදහස් ක්‍රිකට් ක්‍රීඩාවක්. ඒවගේම හොදින් සූදානම් වීම සහ හොදින් ක්‍රියාත්මක කිරීමයි…සිතීමට සහ ගැටලු විසදීමට සෑම කෙනෙකුම සූදානම් කිරීම.”

“අපිට ඉන්නවා අපූර්ව තරග දිනවන ක්‍රීඩකයින් රැසක්…සංජු සැම්සන්, රාහුල් තෙවාටියා, අපේ වේග පන්දු යවන්නන්. අදාළ දිනයේ දී යම්කිසි විශේෂ සුළු දෙයක් කරන විවිධ පුද්ගලයින් සිටීම වැදගත්. නිත්‍ය ක්‍රීඩකයින් අඛණ්ඩව දක්ෂතා දැක්වීම මනා කණ්ඩායම් දක්ෂතාවයකට ඉතා වැදගත්.” යනුවෙනි.

Related posts

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

එංගලන්ත ප්‍රේක්ෂකයන්ගෙන් ශ්‍රී ලංකා ප්‍රවේශපතට අප්‍රසාදය

Mohamed Dilsad

මෙවර ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පුහුණූ තරඟ මෙන්න

Mohamed Dilsad

Leave a Comment