ගොසිප්

සතොස මල්ල ගැන බොරු ප්‍රචාර කරන්න එපා – බන්දුල කියයි

(UTV | කොළඹ) – සහල් කිලෝ 03 ක් ඇතුලත්ව සතොස ආයතනය විසින් ලබාදෙන සහන මල්ල සතියකට හෝ දෙකකට ප්‍රමාණවත් යැයි තමන් අදහස් කළේ එක් පුද්ගලයෙකුට මිස පවුලකට නොවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.   

වෙළඳපොල තුළ රුපියල් 1300 ක් පමණ ද්‍රව්‍ය රුපියල් දහසක මිලකට එම සහන මල්ලෙන් ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම ජනතාවාදී කටයුත්ත සිදු කිරීමේදී එක වචනක වරදක් අල්ලාගෙන ඉතා නරක ලෙස සංවිධානාත්මක පහරදෙමින් ඇතැයිද අමාත්‍යවරයා කීය.

සතොස සමාගමෙන් ජනතාවට ලබාදෙන සහන මල්ල සම්බන්ධයෙන් වැරදි අර්ථ කථන ඉදිරිපත් කරනු ලබන පාරිභෝගික සුරැකීමේ සංගමය වැනි සංගම් සහ පුද්ගලයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලිසියෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

Related posts

සේමසිංහගෙන් ගම්මන්පිලට කනේ පාරක්

Mohamed Dilsad

තිලංග සුමතිපාල මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් දමයි

Mohamed Dilsad

ඩිල්ශාන්ගේ වැඩිමහල් දියණියගේ උපන් දිනය සැමරූ හැටි

Mohamed Dilsad

Leave a Comment