කලා

විජේගේ ‘මාස්ටර්’ බොලිවුඩ් චිත්‍රපටයක් ලෙස

(UTV | ඉන්දියාව) – මේ වසරේ ඉහළම ආදායමක් උපයා ගැනීමට සමත් ඉන්දීය චිත්‍රපටය බවට පත්වූ විජේගේ ‘මාස්ටර්’ චිත්‍රපටය බොලිවුඩ් චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්නට සූදානම් වෙන බව වාර්තා වෙයි.    

‘මාස්ටර්’ චිත්‍රපට අධ්‍යක්ෂක ලොකේෂ් කනගරාජ් පවසන්නේ මේ වනවිටත් බොලිවුඩ් නිෂ්පාදකයින් කිහිප දෙනෙකුම තමන්ගේන් මෙම චිත්‍රපටයේ අයිතිය ඉල්ලා ගිවිසුම් අත්සන් කිරිමට එකගතාවය පළ කර තිබෙන බව පවසා ඇත.

‘මාස්ටර්’ චිත්‍රපටය දමිල භාෂාවට අමතරව තවත් ඉන්දීය භාෂා පහකින් හඬකවා ප්‍රදර්ශනයද කරනු ලැබීය.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයට බොලිවුඩ් නිෂ්පාදකයින්ගෙන් ඉහළ ඉල්ලුමක් ලැබී තිබිම නිසාවෙන් මෙය බොලිවුඩ් චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්නට තමන් කැමැත්ත ලබා දෙන බව චිත්‍රපට අධ්‍යක්ෂවරයා පවසා තිබේ.

Related posts

ZERO රසිකයින් පුදුම කරවයි

Mohamed Dilsad

‘ජංගි හොරා’ ළඟදීම…

Mohamed Dilsad

UTV, TikTok සමඟ එකතුව අළුත් වැඩක්

Mohamed Dilsad

Leave a Comment