දේශීය

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් ත්‍රිකුණාමලයෙන්

(UTV | ත්‍රිකුණාමලය) – ශ්‍රී ලංකාවෙන් ඊයේ (22) හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 314 දෙනා අතුරින් වැඩිම පිරිස සටහන් වී ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. එම පිරිස 52 ක්.  

ඊට අමතරව කලුතර 30 ක් , ගම්පහ 29 ක් , කොළඹ 28 ක් , කෑගල්ලේ 27 ක් සහ ගාල්ලේ 24 ක් ද ඊයේ ආසාදිතයින් පිරිසට අයත්.

අනුරාධපුර 13 ක් , නුවරඑළිය 12 ක් , රත්නපුර 11 ක් , මාතලේ 09 ක් ,මාතර 08 ක් , හම්බන්තොට සහ කුරුණෑගල 07 දෙනා බැගින්ද , මුලතිව් 05 ස් දෙනෙක්ද ඊයේ මෙරට කොවිඩ් ආසාදිතයන් අතර විය.

අම්පාර සහ මොණරාගලින් තුන්දෙනා බැගින්ද , පොළොන්නරුවේ සහ බදුල්ලෙන් ආසාදිතයින් දෙදෙනා බැගින්ද , මහනුවර සහ වව්නියාවෙන් එක් අයෙක් බැගින්ද ඊයේ මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වූ අතර අනෙක් 40 විදේශයන්හි සිට පැමිණි අයයි.

 

Related posts

74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී

Mohamed Dilsad

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

‘හතේ අපේ පොත’ ග්‍රන්ථය පිළිබද අවසන් තීරණය ලබන 21 වැනිදා

Mohamed Dilsad

Leave a Comment