විදෙස්

මියන්මාර් හමුදාවේ වෙඩි තැබීම් වලින් 200 ක් මරුට

(UTV | මියන්මාරය) – මියන්මාර් විරෝධතාකරුවන් පෙට්‍රල් පිරවූ මොලටෝව් කොක්ටේල් නැමැති බෝම්බවලින් හමුදාවට ප‍්‍රහාර එල්ල කිරීම නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ වනවිට හමුදා වෙඩි තැබීම්වලින් 200 කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වී තිබේ.

මියන්මාර් මාධ්‍ය පැවසූවේ කාලේ සහ යැංගුන් ප‍්‍රදේශවල හමුදාව සහ විරෝධතාකරුවන් අතර දිගටම ගැටුම් පැවති බවයි.

මේ අතර විරෝධතාකරුවන් විසින් මාර්ගවල අටවනු ලැබූ බාධක හමුදාව විසින් ගිනි තබා විනාශ කර ඇත. මියන් මාරයේ ගැටුම් සහ වෙඩි තැබීම් නතර කරන්නැයි පාප් වහන්සේ විරෝධතා කරුවන්ගෙන් සහ හමුදාවෙන් ඉල්ලා ඇතත් මෙතෙක් නිසි ප‍්‍රතිචාරයක් දක්වා නැත.

 

Related posts

බ්‍රසීල ජනපති රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

චීන – පාකිස්ථාන සබඳතා ශක්තිමත් කරමින් නව ගිවිසුම් කිහිපයක්

Editor O

සුඩාන හමුදා පාලකයින්ට එරෙහිව රටපුරා විරෝධතා

Mohamed Dilsad

Leave a Comment