ක්‍රීඩා

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද

(UTV | කොළඹ) – රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද පැවැත්වීමට නියමිතයි.  

ඒ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ප්‍රවීණයන්ගේ කණ්ඩායම අතරයි.

ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා මුම්බායිහිදී පැවැත්වෙන අවසන් මහා තරගයේදි ඉන්දියාව සමග තරග වැදෙනු ඇති.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම ඊයේ සමත් විය.

රායිපුර් හී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 3 ක් දැවී ලකුණු 218 ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6 ක් දැවි රැස් කර ගැනීමට හැකිවුනේ ලකුණු 206 ක් පමණයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්

Mohamed Dilsad

ලෝක විස්සයි 20 නායකත්වයට අෆ්රීඩි නම් කරයි

Mohamed Dilsad

ජාත්‍යන්තරයට ක්‍රිකට් පිති හදන මෙරට තරුණයා[PHOTO]

Mohamed Dilsad

Leave a Comment