කලා

ෂාරුක්ගේ ‘පතන්’ චිත්‍රපටයට සල්මානුත් එක්වෙයි

(UTV | ඉන්දියාව) – වසර කිහිපයකින් පසුව බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා එක්වන සුපිරි නළු ෂාරුක් ඛාන් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් සඳහා සම්බන්ධව සිටියි.

වාර්තා වන අන්දමට ෂාරුක්ගේ මෙම අලුත්ම චිත්‍රපටය වන ‘පතන්’ හි එන ‘අවිනාශ් සිං රාතෝර්’ නමැති චරිතය සඳහා සුපිරි නළු සල්මාන් ඛාන් එක්වන බවය.

සල්මාන් චිත්‍රපට කිහිපයකම රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධව සිටින කාර්යබහුල සිනමා නළුවෙකු වුවද ඔහු මේ වනවිටත් ෂාරුක්ගේ ‘පතන්’ චිත්‍රපටයට එක්වීමට කැමැත්ත පළකර ඇත.

ඔවුන් දෙදෙනා පෙනී සිටින මුල්ම දර්ශනය එළැඹෙන මාර්තු 06 වැනිදා මුම්බායි හි යශ්රාජ් කලාගාරයේදි රූපගත කරන්නට නියමිතව තිබේ.

 

Related posts

ප්‍රවීණ රංගන ශිල්පිණී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වීමට සැරසෙන කවීෂා [PHOTOS]

Mohamed Dilsad

‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ අලුත් චිත්‍රපටයක් ලබන වසරේ

Mohamed Dilsad

Leave a Comment