කලා

ප්‍රවීණ රංගන ශිල්පිණී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන මියුරි සමරසිංහ අද (06) අභාවප්‍රාප්ත විය.

වත්තල ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඇය මිය යන විට පසුවූයේ 81 හැවිරිදි වියේයි.

මියුරි සමරසිංහ මහත්මිය වේදිකා නාට්‍ය කලාවට , සිනමාවට මෙන්ම වේදිකා නාට්‍ය කලාවට ද ඉමහත් සේවාවක් ඉටුකළ විශිෂ්ඨ රංගන ශිල්පිණියක් ලෙස කලා ලෝකයේ කා අතරත් සිත් දිනාගැනීමට සමත් විය.

මිරිගුව චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් රංගනය කරමින් සිනමාවට අවතීර්ණ වූ ඇය නෑදෑයෝ , දූ දරුවෝ , ගිරය , අසල්වැසියෝ ආදී ටෙලි නාට්‍ය රැසකටද දායකත්වය සැපයූ මියුරි සමරසිංහ මහත්මිය රාජ්‍ය නාට්‍ය සම්මානලාභිනියක් ද වෙයි.

 

Related posts

යශෝදාව සිතුවමකට නගන ඇමරිකානු චිත්‍ර ශිල්පියා(වීඩියෝ)

Mohamed Dilsad

අමීර් ඛාන් බොලිවුඩ් සිනමාවේ බලවත්ම පුද්ගලයන් අතර දෙවැනි තැනට

Mohamed Dilsad

පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස්ගේ නවතම චිත්‍රපටය [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment