දේශීය

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද කොටිකාවත්තේදී

(UTV| කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර ඊයේ (14) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට 80 වන වියේ පසුවූ ඔහු පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට මාරු කර යැවීය.

1977 වසර්දී පළමු වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ලොකුබණ්ඩාර මහතා දේශීය වෛද්‍ය / සංස්කෘතික / අධිකරණ / බුද්ධ ශාසන ආදී අමාත්‍ය ධුර රැසක් හොබවා තිබේ.

මෙරට 16 වන කථානායකවරයා ලෙස වි. ජ. මු ලොකු බණ්ඩාර මහතා තේරී පත්වූයේ 2004 වසරේ අප්‍රේල් 22 වනදායි.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නීතින්ට අනුකූලව අද (15) කොටිකාවත්ත ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

Related posts

කොළඹ ඩෙංගු දෙගුණයකින් වැඩිවෙයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

විදේශයන්වල සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 462 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment