දේශීය

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද කොටිකාවත්තේදී

(UTV| කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර ඊයේ (14) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට 80 වන වියේ පසුවූ ඔහු පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට මාරු කර යැවීය.

1977 වසර්දී පළමු වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ලොකුබණ්ඩාර මහතා දේශීය වෛද්‍ය / සංස්කෘතික / අධිකරණ / බුද්ධ ශාසන ආදී අමාත්‍ය ධුර රැසක් හොබවා තිබේ.

මෙරට 16 වන කථානායකවරයා ලෙස වි. ජ. මු ලොකු බණ්ඩාර මහතා තේරී පත්වූයේ 2004 වසරේ අප්‍රේල් 22 වනදායි.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නීතින්ට අනුකූලව අද (15) කොටිකාවත්ත ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

Related posts

සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

නිදහස් වෙළඳ කලාප සේවකයින්ට ජූලි මාසයේ සිට කොවිඩ්-එන්නත

Mohamed Dilsad

ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment