විදෙස්

දකුණු අප්‍රිකාව Oxford-AstraZeneca එන්නත දීම අත්හිටුවයි

(UTV | දකුණු අප්‍රිකාව) – දකුණු අප්‍රිකාව, Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත ලබාදීම අත්හිටුවා ඇත.

එරටින් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් දකුණු අප්‍රිකා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව විශේෂඥ කමිටු උපදෙස් ලැබෙන තෙක් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එරට විශ්විවිද්‍යාලයක් විසින් පුද්ගලයන් 2,000 ක් පමණ යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යනයකින් පසු සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව ඇස්ට්‍රා සෙනෙකා -ඔක්ස්ෆර්ඩ් එන්නත වෙනුවට , Johnson & Johnson සහ Pfizer සමාගම් නිෂ්පාදනය කළ කොරෝනා මර්දන එන්නත් සිය සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බව දකුණු අප්‍රිකාව ප්‍රකාශ කළේය.

 

 

 

Related posts

ඇමරිකාව සහ ඉරානය යුද්ධයකට මුල පුරයි

Mohamed Dilsad

ජපානයේ ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට

Mohamed Dilsad

මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව නවත්වයි

Mohamed Dilsad

Leave a Comment