ක්‍රීඩා

ක්‍රිස් ගේල් විසින් කුමාර් සංගක්කාරට විශේෂ ස්තූතියක්

(UTV | කොළඹ) – මෙවර T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දී අබුඩාබි කණ්ඩායම නියෝජනය කරන කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් T 10 ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට ඊයේ (03) සමත් විය.

ඔහු 41 වන වියේ පසු වුව ද සිය ප්‍රවේගකාරී පිතිකරණය අදටත් නොවෙනස්ව පවතින බවට ක්‍රිස් ගේල් මේ වන විට සනාථ කර අවසන්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් අබුඩාබි කණ්ඩායමේ නායක ලුක් රයිට් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට මරාත ඇරබියන්ස් කණ්ඩායමට ආරාධනා කළහ.

ඒ අනුව පිටියට පිවිසි ඇරබියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 97 ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 98 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අබුඩාබි කණ්ඩායම පන්දුවාර 4.3 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

මෙම තරගයෙන් අනතුරුව ක්‍රිස් ගේල් විසින් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරට විශේෂ ස්තූතියක් ද පුද කර සිටියා.

මෙවර තරගාවලියේ දී අබුඩාබි කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන්නේ කුමාර් සංගක්කාරයි.

තමා පිතිකරණය සදහා පිටව යාමට පෙර සංගක්කාරගෙන් තමාට වැදගත් උපදෙස් ලැබුණු බවත්, එය සිය දක්ෂතා වර්ධනය කර ගැනීම සදහා උපකාරී වූ බවත් ක්‍රිස් ගේල් කියා සිටියා.

“ඉගෙන ගැනීම අපි කවදාවත් නතර කරන්නේ නැහැ. සංගා, ඔයා තමයි පුද්ගලයා. ඔයා පුරාවෘත්තයක්” යනුවෙන් ඔහු සඳහන් කළේය.

 

Related posts

ළහිරු කුමාරටත් කොරෝනා

Mohamed Dilsad

බංග්ලාදේශ සහ ඉන්දීය අතර ටෙස්ට් තරගාවලියේ දෙවන තරඟය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment