දේශීය

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලත් එන්නත්කරණය අද සිට

(UTV | කොළඹ) –  කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල එන්නත් කිරීමේ වැඩසටහන් අද සිට ආරම්භ කෙරෙනු ඇත.   

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීම දිවයිනේ තෝරාගත් රෝහල්වල අද සිදු කෙරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් රෝග පාලන හා ප්‍රථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි පුනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, සියලුම ප්‍රාදේශීය ඖෂධ ගබඩාවලට එම එන්නත් තොග යවා ඇති බවයි.

මෙරටට ලැබුණු මෙම එන්නත දින 05 ක් තුළ ලබා දී අවසන් කරන බව ද අමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් මෙරටට ලැබුණු අතර කොවිෂීල්ඩ් එන්නත්කරණය ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණි.

ඒ අනුව, කොළඹ ජාතික රෝහලේ 1,886 දෙනෙකුට, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ 803 දෙනෙකුට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ 781 දෙනෙකුට සහ යුද හමුදා රෝහලේ 600 දෙනෙකුට එන්නත ලබාදීමට කටයුතු කළහ.

 

Related posts

ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු වැඩසටහන් හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

දඹදිව සිට පැමිණි වන්දනාකරුවන් අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානයට

Mohamed Dilsad

තවත් 597 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment