විදෙස්

ගුවන් යානා අනතුරකින් බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

(UTV | බ්‍රසීලය) – බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ සිදුවු ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

කුඩා ගුවන් යානයක් මෙලෙස කඩා වැටීමට ලක්ව ඇති අතර බ්‍රසීලයේ පැල්මාස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයින් සිව්දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම අනතුරෙන් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ යානයේ නියමුවා ද ජීවිතක්ෂයට පත්ව ඇති බව එම වාර්තාවල සඳහන්.

මෙම ක්‍රීඩකයින් තරඟාවලියක් සඳහා ගොස් ඇති අතර එහිදි සිදුකළ කොවිඩ් පරීක්ෂාවේදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් යළි පැමිණෙමින් සිටින අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇත.

 

 

Related posts

මියන්මාර හමුදාවට බරපතල චෝදනාවක්

Mohamed Dilsad

කාබුල් ප්‍රහාරයේ මරණ 170 දක්වා ඉහළට

Mohamed Dilsad

ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානයෙන් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment