දේශීය

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ දැනුම්දීමක් [RELEASE]

(UTV | කොළඹ) – ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණිමට ප්‍රථම අදාළ සායනයට දුරකථන ඇමතුමක් ලබා දි දිනයක් සහ වේලාවක් වෙන් කරවාගැනීම අද සිට අනිවාර්යය කර ඇත.

කොරෝනා වසංගත තත්වය හමුවේ ජාතික අක්ෂි රෝහලේ කටයුතු පවත්වාගෙනයාමේදී පැනනැගී ඇති ප්‍රායෝගික ගැටලු සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

එම තත්ත්වය නිසා ආරක්ෂිත පියවරක් ලෙස ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණිමට ප්‍රථම සායනයට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්නා ලෙස ජාතික අක්ෂි රෝහල මහජනතාවට දැනුම් දෙයි.

 

Related posts

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙලට විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

එප්පාවල පොස්පේට් නිධියට ආණ්ඩුව කරන්න යන දේ.

Editor O

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment