දේශීය

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ දැනුම්දීමක් [RELEASE]

(UTV | කොළඹ) – ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණිමට ප්‍රථම අදාළ සායනයට දුරකථන ඇමතුමක් ලබා දි දිනයක් සහ වේලාවක් වෙන් කරවාගැනීම අද සිට අනිවාර්යය කර ඇත.

කොරෝනා වසංගත තත්වය හමුවේ ජාතික අක්ෂි රෝහලේ කටයුතු පවත්වාගෙනයාමේදී පැනනැගී ඇති ප්‍රායෝගික ගැටලු සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

එම තත්ත්වය නිසා ආරක්ෂිත පියවරක් ලෙස ජාතික අක්ෂි රෝහලේ සායන සදහා පැමිණිමට ප්‍රථම සායනයට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්නා ලෙස ජාතික අක්ෂි රෝහල මහජනතාවට දැනුම් දෙයි.

 

Related posts

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මහා ශිවරාත්‍රී දින සුභාශිංසනය

Mohamed Dilsad

නාඳුනන මළ සිරුරක්

Mohamed Dilsad

ඖෂධ පාර්සල් 11,765 ක් නිවෙස් වෙතට බෙදා අවසන්

Mohamed Dilsad

Leave a Comment