ගොසිප්

අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකුටත් කොරෝනා

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරනු ලබන කුමාරසිරි හෙට්ටිගේ ද, කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ මහතා ජනවාරි මස 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීපව ඇසුරු කළ ඇති බවත් එම වාර්තාවල සඳහන්.

එම සමීපතමයින් සහ අදාළ අංශ ප්‍රධානීන් දැනුවත් කර අවශ්‍ය පියවර ගෙන ඇති බව ද පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

අදාළ ප්‍රදේශ විෂබීජානුහරණය සඳහා දැනටමත් පියවර ගෙන තිබේ.

 

Related posts

අද දිනන හැටි තිලාන් කියයි

Mohamed Dilsad

විදුලිය කැපීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය පිලිබඳ අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment