ක්‍රීඩා

සංගාට සහ මහේලට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් වීමේ අවස්ථාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ඕනෑම අවස්ථාවක පුහුණුකරුවන් ලෙසට කණ්ඩායමට සම්බන්ධ විය හැකි බව ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න පවසයි.

ක්‍රීඩා කවුන්සිලයේ ද සාමාජිකයන් වන මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයන්ට ක්‍රිකට් දියුණු කළ හැකි ආකාරය පිළිබඳව යෝජනා ඉදිරිපත් කළ හැකි බව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් උප සභාපතිවරයා පැවසීය.

කුමාර සංගක්කාර හෝ මහේල කණ්ඩායමේ පුහුණුකාරීත්වය ලබා ගැනීමට කැමැත්ත පළ කළ හොත් ඒ පිළිබඳ සලකා බැලීමට හැකියාව පවතින බව ද රවීන් වික්‍රමරත්න සඳහන් කරයි.

 

Related posts

දෙවන 20යි විස්සේ විශේෂ අවස්ථා (වීඩියෝ)

Mohamed Dilsad

සීක්කුගේට සහ අසේල ගුණරත්නට හමුදා උසස්වීම්

Mohamed Dilsad

හොංකොන් සික්සස් තරඟාවලියේ අවසන් මහා තරඟයට, ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි.

Editor O

Leave a Comment