දේශීය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි වැඩිවෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දවසේ දිවයින පුරා අහස වළාකුලින් බරවී පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර උතුර, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

පුත්තලම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකියි.

එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තද සුළං සමග එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

ඊයේ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් විදෙස් රටවලින් පැමිණි අයයි

Mohamed Dilsad

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment