Trending News

තවත් හිමි නමක් ඝාතනය කෙරෙති

(UTV |හංවැල්ල) – කොස්වත්ත කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි හිමි නමක් ඝාතන කෙරෙති.

මෙම භික්ෂුන් වහන්සේ පසුගියදා පැහැර ගැනීමට ලක් වූ අතර උන්වහන්සේගේ දේහය සුසාන භූමියක් තුළ තිබී පොලීසිය විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

හංවැල්ල තුම්මෝදර කොස්වත්ත කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි 65 වියැති උඩුවිල ධම්මසිරි ස්වාමීන් වහන්සේ ඉකුත් 2 වනදා රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණි.

ඊයේ (04) දිනයේ කොටදෙණියාව පොලිස් වසමේ නාවාන සුසාන භූමියේ තිබී අදාළ දේහය හමුවී තිබුණි.

මෙම පැහැර ගැනීම සිදුකළ කණණ්ඩායමේ සැකකරුවන් 4 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවක් පිරිමි පුද්ගලයින් තිදෙනෙක් ඒ අතර වේ.

පුද්ගලික ආරවුලක් මත පැහැර ගැනීම සිදුවී ඇති බවට දැනට ලැබී ඇති තොරතුරු අනුව අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි කුඩා ස්වාමීන් වහන්සේනමකගේ මව සහ පියාද අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතර සිටි.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

මෙරට හමුදා ප්‍රධානීන්ට බ්‍රිතාන්‍ය පැනවූ සම්බාධක ඉවත් කර ගැනීම ට අනුරගේ ආණ්ඩුව වහා මැදිහත් විය යුතුයි – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Editor O

“JO says government ignorant to message behind Nugegoda rally” – Dilum Amunugama

Mohamed Dilsad

HRCSL summons Uva Province Chief Minister on Feb. 01

Mohamed Dilsad

Leave a Comment