විදෙස්

තෙවන කොවිඩ් රැල්ලේ ආසාදිතයන් පිරිසක් මෙල්බර්න් නගරයෙන්

(UTV | ඔස්ට්‍රේලියාව) – ඔස්ට්‍රේලියාවේ තෙවන කොවිඩ් රැල්ලේ ආසාදිතයන් මෙල්බර්න් නගරයෙන්ද හමුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ මාස 02 කට ආසන්න කාලයක් කිසිදු ආසාදිතයෙකු හමුනොවීමේ පසුබිමකදීයි.

එරට දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නුවර පසුගිය ජූලි මාසයේ සිට ඔක්තෝබර් දක්වා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක විය.

එහෙත් අද දිනයේදී ආසාදිතයන් 06 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඔවුන් සිඩ්නි නගරයේ සිට පැමිණ ඇති බවද සඳහන්.

මේ අතර වෙනත් වසරවලදී නව වසර උදාව වෙනුවෙන් සුප්‍රකට සිඩ්නි වරාය පාලම අසල පැවැත්වෙන ගිණි කෙළි සංදර්ශන මෙවර සාමාන්‍ය ජනතාවට තහනම් කර ඇත.

මීට අමතරව , ඇමෙරිකාවේ මුළු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 02 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී එරටින් ආසාදිතයන් 234, 550 ක්ද මරණ 3880 ක්ද වාර්තා වී ඇත.

 

Related posts

ඉරාකයේ අයි.එස් සටන්කාමීන් යළි ශක්තිමත් වෙයි

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

Editor O

සතුන් සඳහාත් කොවිඩ් එන්නතක්

Mohamed Dilsad

Leave a Comment