විදෙස්

ඉරාකයේ අයි.එස් සටන්කාමීන් යළි ශක්තිමත් වෙයි

(UTV | කොළඹ) – අයි.එස් සංවිධානය ඉරාකයේ නැවත සංවිධානය වන බවත් සිය බලය යළි ව්‍යාප්ත කරමින් සිටින බවත් කුර්දි සහ බටහිර බුද්ධි නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

ඔවුන් පැවසුවේ මේ හේතුවෙන් අයි.එස් ප‍්‍රහාර වැඩි වෙමින් පවතින බවයි.

අල්කයිඩා සංවිධානයට වඩා අයි.එස් සටන්කාමීන් දැන් දක්ෂ හා භයානක බව කුර්දි ත්‍රස්ත මර්දන නිලධාරියෙකු වන ලාහුර් තලබානි පවසයි.

අයි.එස්. සංවිධානයට ඉරාකය තුළ බලය අහිමිවී වසර දෙකකට පසුවයි ඔවුන් මෙලෙස යළි ඉරාකය තුළ සංවිධාන වෙමින් පවතින්නේ.

ඔවුන් බී.බී. සී පුවත් සේවයට ප්‍රකාශ කරමින් සඳහන් කළේ අයි.එස්. සටන්කාමීන්ට වඩා හොඳ ශිල්පීය ක්‍රම, වඩා හොඳ උපක්‍රම සහ වැඩි මුදලක් ඔවුන් සතුව ඇති අතර ඔවුන්ට වාහන, ආයුධ, ආහාර සැපයුම් සහ උපකරණ මිලදී ගැනීමට හැකියාව පවතින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුව ආවරණයක් නොපැළඳි ඔස්ට්‍රේලියා උප අගමැතිට දඩ මුදලක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ රත්‍රං උස්සපු හොරු

Mohamed Dilsad

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් සාර්ථකව අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment