දේශීය

අද දිනයේ ලැබෙන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන්න

(UTV | කොළඹ) – අද දිනයේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හා දුරකථන ඔස්සේ ලැබෙන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේය.

අදාළ ත්‍යාග ගැනීමට යම් මුදලක් තැන්පත් කරන ලෙස එමගින් වංචනිකයින් ඉල්ලීම් කරන බවයි පොලිසිය පවසන්නේ.

බොහෝදුරට ශ්‍රී ලංකාවේ සිටින නයිජීරියානු ජාතිකයින් විසින් මෙම ජාවාරම අද දිනයේද ක්‍රියාවට නැංවීමේ වැඩි ඉඩක් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙවැනි වංචාකාරී ක්‍රියා සඳහා සම්බන්ධ වූ නයිජීරියානු ජාතිකයින් 24 දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related posts

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට නොහැකිනම්, ඒ සඳහා වෙන් කළ මුදල්වලට සිදුවූ දේ රටට හෙළි කළ යුතුයි. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

තොන්ඩමාන් ඇමති සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

පළවෙනිදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා

Mohamed Dilsad

Leave a Comment