ගොසිප්

ඇමති පුතෙකු ගෙන්වූ ලක්ෂ 800 සැප රිය

(UTV |කොළඹ) – මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ලක්ෂ අටසීයක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් රේගුව භාරයට ගෙන තිබේ.

මෙම මෝටර් රථය ලියාපදිංචි යාමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන්ගේ භාරයට ගෙන පසුව රේගුවට භාරදී තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා ද මේ බව තහවුරු කළේය.

මෙම මෝටර් රථය මෙරටට ගෙන්වා ඇත්තේ පසුගිය රජයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකි.

වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය පසුගිය සතියේ දී මෙම වාහනය ගෙන ගොස් ඇත්තේ වෙනත් අයකුගේ නමට ලියාපදිංචි කර පවරාදීමටය.

නමුත් රේගුවෙන් නිදහස් කර ගැනීමේ දී ඒ වාහනය සඳහා ලබාදෙන ලියවිල්ල තුළ තිබූ පරස්පරතා මත ලියාපදිංචි නිලධාරීන් ඒ බවට දන්වා තිබුණි.

පසුව හෙළි වී ඇත්තේ එම අත්සන් හොරට ගසා රේගුවෙන් නීතිවිරෝධීව ගෙන්වා ගෙන ඇති බවයි.

Related posts

මාංශ සඳහා ගත හැකි සතුන්ගේ නම් චීන රජය ලැයිස්තු ගතකරයි

Mohamed Dilsad

කොළඹින් පිටත් කොරෝන අවධානම ඉහළට

Mohamed Dilsad

PANDORA PAPERS : විමර්ශනවලට සහය දෙන්න රන්ජන් සූදානම්

Mohamed Dilsad

Leave a Comment