ගොසිප්

කොළඹින් පිටත් කොරෝන අවධානම ඉහළට

(UTV |කොළඹ) – අටළුගම ප්‍රදේශයේ ඊයේ (11) ගැබිණි මාතාවන් අසූ දෙනෙකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදුකර තිබේ.

ඉන් 08 දෙනෙකුට වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පරිබාහිර දිස්ත්‍රික්ක කිහිපයක අනුපොකුරු ආකාරයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවෙමින් පවතින බවය.

අනුරාධපුර – කහටගස්දිගිලිය නගරයෙන්ද කොරෝනා ආසාදිතයෙකු හමුවී තිබේ.

අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණවලදී මෙම රෝගියා හමු වූ බව කහටගස්දිගිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

එම ආසාදිතයා අකුරණ ප්‍රදේශයේ සිට කහටගස්දිගිලිය නගරයට පැමිණ ඇත්තේ වෙළඳසැලක සේවය කිරීම සඳහාය.

 

Related posts

තවත් කොරෝනා මරණ දෙකක්

Mohamed Dilsad

පැන්ඩෝරා ලේඛන : හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂගේ නමත්

Mohamed Dilsad

රනිල්ට ඇමති ආරක්ෂකයින් 200 ක්

Mohamed Dilsad

Leave a Comment