දේශීයව්‍යාපාරික

රුපියල කඩාවැටීම වළකන්න මහ බැංකුව මැදිහත් වෙයි

(UTV | කොළඹ) – රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බවත් , දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද මහ බැංකුව නිකුත් කල නිවේදනයක සඳහන්.

අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දී විනිමය අනුපාතිකය පසුගිය නොවැම්බර් මස පැවති ඩොලරයට සාපේක්ෂව රුපියල් 185 ට වඩා අඩු මට්ටමකට පැමිණෙනු ඇති බවටද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

දැනට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.6 ක්. සංචිත මට්ටම ඉහළ නැංවීම සඳහා මහ බැංකුවේ දේශීය හා විදේශීය හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡා ද සාර්ථකව අවසාන අදියරකට පැමිණෙමින් තිබේ.

මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයන් විදේශ විනිමය ලැබීම් ඉහළ යෑමට හේතු වන බවයි මහ බැංකුවේ ස්ථාවරය වන්නේ.

 

 

Related posts

ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමේ සුදානමක්

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව කරුණු දැක්වීම අද

Mohamed Dilsad

කොළඹ වරායේ බහාලූම් රැගෙන යාමට දුන් සහන කාලය අවසන් වේ

Mohamed Dilsad

Leave a Comment