ක්‍රීඩා

එංගලන්ත තරඟ සංචාරය ගැන වෛද්‍ය බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මෙරට තරඟ සංචාරයේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙරටේ වෛද්‍ය බලධාරීන් අතර විශේෂ සාකච්ජාවක් හෙට (24) පැවැත්වීමට නියමිතව ඇත.

බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර එංගලන්ත කණ්ඩායම රැගත් යානය ලබන ජනවාරි 02 වනදා මත්තල ගුවන් තොටුපළට ළඟාවීමට නියමිතයි.

බ්‍රිතාන්‍යයෙන් ගුවන් මගීන් පැමිණීම මෙම අවස්ථාවේදී නතර කර ඇතත් දෙරට අතර ටෙස්ට් තරගාවලියට එය බාධාවක් නොවනු ඇති බවට අනාවැකි පළවෙයි.

එංගලන්ත කණ්ඩායම එරටින් පිටවීමට පෙර හෝ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අමතර සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අනුගමනය කෙරෙනු ඇති බව ක්‍රිකට් වාර්තාවල සඳහන් වෙයි.

 

 

Related posts

ඉන්දු – ලංකා T20 ගැටුමේ තීරණාත්මක තරඟය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණු 287ක ඉලක්කයක්

Mohamed Dilsad

ඉන්දී්‍යාව පරදා නවසීලන්තය කඩුළු 08 ක දැවැන්ත ජයක් ලබයි..

Mohamed Dilsad

Leave a Comment