ව්‍යාපාරික

හෝමෝන පෙති හා කරල් මෙරට නිෂ්පාදනය ඇරඹේ

(UTV |කොළඹ) – “අලුත් රටට අලුත් බෙහෙත්” සංකල්පය යටතේ රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාව විසින් අලුතින් නිෂ්පාදනය ඇරඹූ ෆ්ලුක්ලොක්සසිලින් (Flucloxacillin 500mg) ඹෟෂධය එළිදැක් වේ.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(23) රත්මලානේ පිහිටි රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදනාගාරය විවෘත කරමිනි.

කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ “අපේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබාගැනීමට නම් සෑම අංශකින්ම රට ස්වයං පෝෂිත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු” බවයි

“පිටරටින් ගෙන්වන ඒවා අඩුකිරීම හෝ නතරකිරීම මෙන්ම මේ රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම රට තුළම නිෂ්පාදනය විය යුතු බවට ආණ්ඩුව තරයේ විශ්වාස කරනවා” අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

“අපි දන්නවා අපේ සියයට 70%ක් වගේ ඖෂධ ගෙන්වන්නේ ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් හා බංග්ලාදේශයෙන්. ඉතිං එහෙම අපි ගේනවා නම් අපිට තියෙනවා වගකීමක්, මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න. අපිට ඒ සඳහා අවශ්‍ය  ඥානය, බුද්ධිය තියෙන පිරිස් අපිට ඉන්නවා,” යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

Related posts

දේශීය ලොකුළුෑණු මිල ඉහළට

Mohamed Dilsad

මානව සංවර්ධන දර්ශකයේ මුහුරත් වාර්තාව අග්‍රාමාත්‍යට ප්‍රධානය කෙරේ [VIDEO]

Mohamed Dilsad

කුලියාපිටියේ වාහන කර්මාන්තශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සැප් : 17 දා විවෘත කෙරේ. දිනකට වාහන 25ක් එකලස් කෙරේ.

Editor O

Leave a Comment