දේශීයව්‍යාපාරික

ඛනිජ සම්පත් බලපත්‍ර ගෙන ගවේෂණය නොකරන පුද්ගලයින්ගේ බලපත් අහෝසියි

(UTV | කොළඹ) – ඛනිජ සම්පත් ගවේශණ බලපත්‍ර ලබා ගෙන ඒවා ගවේෂණය නොකරන පුද්ගලයින්ට දී ඇති බලපත් වහාම අහෝසි කරන්නැයි පරිසර අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදී ඇත.

අප රටේ ඉහළ වටිනාකමක් සහිත ඛනිජ සම්පත් වන ග්‍රැෆයිට්, ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් හා ගානට් වැනි ඛනිජ සම්පත් ගවේශණයට විවිධ පුද්ගලයින් වෙත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් බලපත් නිකුත් කර තිබේ.

එසේ බලපත් නිකුත් කළ ද අදාල පුද්ගලයින් විසින් එම ඛනිජ සම්පත් ගවේෂණයට කිසිදු පියවරක් නොගනිමින් සිටින අතර දැනට ඔවුන් බලපත් ලබා ගෙන ඇති නිසා ඒවා වෙනත් අයෙකුට පැවරීමට නොහැකි වී ඇතැයි එම කාර්යාංශයේ නිලධාරින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට දැනුම් දෙනු ලැබීය.

මෙම බලපත් ලබා ගත් පුද්ගලයින් විසින් ඒවා විදේශ සමාගම් වලට හා පුද්ගලයින්ට රුපියල් කෝටි ගණනට අලෙවි කිරීමට සුදානම් වීමේ ජාවාරමක් ඇතැයි ද කී අමාත්‍යවරයා ඇතැම් පුද්ගලයින් විවිධ රටවලට ගොස් ව්‍යාපාරිකයින් සමග මේ සම්බන්ධව ගනුදෙනු කරන බවට තොරතුරු ඇතැයි ද කීය.

එමනිසා අඩු මිලකට මිල දී ගෙන ඇති එම බලපත් විධිමත් පරිදි ඛනිජ සම්පත් ගවේෂණයට පියවර නොගන්නේ නම් වහාම ඒවා තහනම් කර වෙනත් පුද්ගලයින්ට එම බලපත් පවරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

 

 

Related posts

අනුරට එල්ල වූ බිත්තර ප්‍රහාරය ගැන ප්‍රසන්න පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

නීති විරෝධී ගෝඩා ලීටර් දස දහසක් ඇතුළු උපකරණ තොගයක් සීදුවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා මර්දනයට විශේෂඥයන්ගේ නිර්දේශ මත ක්‍රියා කෙරේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment