දේශීය

කොළඹට හෙට ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවී ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

ඒ අනුව හෙට පෙරවරු 09.00 සිට 20 වන ඉරිදා අලුයම 03.00 දක්වා කොළඹ 01, 02,10 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටුවීමට නියමිතය.

අදාළ කාලය තුළ කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

තවත් ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුව අතට

Mohamed Dilsad

ආණ්ඩුවේ අය තරගෙට බොරු කියනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

Editor O

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ මාරාන්තික උපවාසයේ යෙදුන 06 වෙනියාත් රෝහල්ගත කරයි

Editor O

Leave a Comment