දේශීය

බෝගම්බර ප්‍රධාන ජේලර්වරකුට සහ රැඳවූවන් 26 දෙනකුට කොරෝනා

(UTV |මහනුවර) – මහනුවර පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවූවන් 26 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

සිදු කළ PCR පරීක්ෂණ මගින් මේ බව තහවුරු වීමත් සමග ප්‍රධාන ජේලර්වරයා තෙල්දෙණිය විශේෂ කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත ඊයේ (02 ) යොමු කෙරුණු බව බන්ධනගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට මහනුවර පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරී සඳහා සිටි නිලධාරීන් තිදෙනකුට හා රැඳවූවන් 182 දෙනකුට පමණ කොවිඩ් ආසාදනය වී තිබේ.

මධ්‍යම පළාතින් ඊයේ (02 ) පෙරවරුව වන විට වාර්තා වී තිබූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 501කි.

ඒ මහනුවරින් 303 ක් නුවරඑළියෙන් 146 ක් සහ මාතලෙන් 52 ක් ලෙසයි.

Related posts

ලිබියානු යුද හමුදාපතිවරයා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

Editor O

වැඩ බලන මුදල් ඇමති තනතුරට ජී.එල් පීරිස් පත් කෙරේ

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment