දේශීය

බෝගම්බර ප්‍රධාන ජේලර්වරකුට සහ රැඳවූවන් 26 දෙනකුට කොරෝනා

(UTV |මහනුවර) – මහනුවර පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවූවන් 26 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

සිදු කළ PCR පරීක්ෂණ මගින් මේ බව තහවුරු වීමත් සමග ප්‍රධාන ජේලර්වරයා තෙල්දෙණිය විශේෂ කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත ඊයේ (02 ) යොමු කෙරුණු බව බන්ධනගාර දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට මහනුවර පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරී සඳහා සිටි නිලධාරීන් තිදෙනකුට හා රැඳවූවන් 182 දෙනකුට පමණ කොවිඩ් ආසාදනය වී තිබේ.

මධ්‍යම පළාතින් ඊයේ (02 ) පෙරවරුව වන විට වාර්තා වී තිබූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 501කි.

ඒ මහනුවරින් 303 ක් නුවරඑළියෙන් 146 ක් සහ මාතලෙන් 52 ක් ලෙසයි.

Related posts

කොරෝනා ව්‍යාප්තියේ යම් වර්ධනයක් වුවහොත් දිනකට PCR පරීක්ෂණ 6000 ක්

Mohamed Dilsad

රේගුවෙන් බිලියන 1000ක ආදායමක්

Editor O

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීත්වය රියර් අද්මිරාල් රුවන් පෙරේරාට

Mohamed Dilsad

Leave a Comment