ක්‍රීඩා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා වරදකරුවෙක් වෙයි

(UTV |කොළඹ) – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ දූෂණ මර්දන කමිටුව මගින් වරදකරුවෙකු ලෙස නම් කරයි.

ඒ චෝදනා 03 ක් යටතේය.

ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව එම පියවර ගනු ලැබූ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සඳහන් කරයි.

තරඟ තීරණ අයථා ලෙස වෙනස් කිරීමට බලපෑම් සිදුකිරීම,ICC ආචාර ධර්ම ඍජුව හෝ වක්‍රාකාරයෙන් උල්ලංඝනය කිරීම හෝ දිරිගැන්වීම මෙන්ම දූෂණ ක්‍රියාමාර්ගවලට සම්බන්ධ ප්‍රවේශයන් පිළිබඳ කරුණු හෙළිදරව් නොකිරීම එලෙස නුවන් සොයිසා චෝදනා ලැබූ කරුණු වේ.

ඒ අනුව නුවන් සොයිසා ක්‍රිකට් තහනමකට ලක් කෙරේ.

ඔහුට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන සම්බාධක ඉදිරියේදී දැනුම් දෙන බවද ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නිවේදනය කරයි.

Related posts

T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ අංක එක වනිඳුට

Mohamed Dilsad

චන්දික හතුරුසිංහගේ නව කොන්ත‍්‍රාත්තුවේ වැටුප් කප්පාදුවක්

Mohamed Dilsad

ආසියාතික පිහිණුම් වාර්තාවක් තබමින් රොෂාන් අබේසුන්දර තලෙයිමන්නාරමට

Mohamed Dilsad

Leave a Comment