දේශීය

සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස්

(UTV | කොළඹ) – සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (19) නියෝග කළේය.

ඒ අනුව ඔවුන් දෙදෙනාට සිර දඩුවම් සහ දඩ නියම කරමින් මහාධිකරණය මීට පෙර ලබාදුන් නියෝගය අහෝසි වනු ඇති.

2015 වසරේ ජනාධිපතිවරණය සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුවක් පවරනු ලැබීය.

 

 

Related posts

ජල විදුලිබල උත්පාදනය කෙරෙන ජලාශ රැසක ජලමට්ටම ඉහළට

Mohamed Dilsad

ඉන්දියාවේ ගුවන් අනතුරෙන් 290 ක් මරුට

Editor O

දරුවන් වෙනුවෙන් සැකසූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංයුක්ත තැටිය පාසල්වලට

Mohamed Dilsad

Leave a Comment