දේශීය

බෝගම්බර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියා අත්අඩංගුවට

(UTV | මහනුවර) – නිරෝධායනය වෙමින් සිටියදී මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ (17) රාත්‍රියේ පලා ගිය රැඳවියා අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය කියා සිටියේය.

මහනුවර නගරයේ කාර්යාලයක් අසළ සැගව සිටියදී එම රැඳවියා අත්අඩංගුවට ගත් බව ද ඒ අනුව, ඔහු දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලයක් සඳහා යොමු කිරීමට නියමිත බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඊයේ රාත්‍රියේ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කිරීමේදී රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් තුන් දෙනෙකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගනු ලැබීය.

 

Related posts

ඉදිරිපත් කළ විරෝධතා තුනම ප්‍රතික්ෂේපයි : නාම යෝජනා දුන් 39 ම ජනාධිපතිවරණයට

Editor O

පළාත් කිහිපයකට තරමක තද වැසි

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment